මුස්ලිම්වරුන් ඉස්ලාම් දහම ගැන ප්රවේසම් විය යුතුය

முஸ்லிம்கள் இஸ்லாம் குறித்து எச்சரிக்கையாக இருக்க வேண்டும்
July 11, 2017

හිතවත්   මුස්ලිම් සහෝදර / සහෝදරියන් වෙත !

ඉස්ලාම් ආගම  වෙනත් ආගම් හා සමාන හුදෙක් මිත්‍යා විශ්වාසයක්  බව ඔබ දැනුවත් වීම ඉතා වැදගත්. එය සීමාව ඉක්මවා විශ්වසකිරීමෙන්/ඇදහීමෙන්  භයානක ප්‍රතිඑල අත්විය හැක.

ඔබ විශ්වාසකරන ආකාරයටම අපද මෑතක් වනතුරු එය එසේ විශ්වාස කල නමුත් පසුව එය මිථ්යාවක් බව මනාව තේරුම් ගෙන එම විශ්වාසයන්ගෙන් ඉවත්වීමට කටයුතු කළෙමු. අපගේ අතීත අත්දැකීම සහ ඔබගේ වර්තමාන ක්‍රියාපිළිවෙත් සලකා බලන කල, අප ඔබට අවධාරණය කරන්නේ  ලක්වාසී සියල්ලන්ගේම සුභසාධනය හා යහපත් ජීවිතය තකා ප්‍රවේසෙමෙන්  කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවයි.

සංවිධානාත්මකව මුස්ලිම් වරුන්ට එරහිව කටයුතු  සිදුවීමින් පැවැත්වෙන මෙම කාල වකවානුවේ, සුළු පිරිසක් විසින් ඉස්ලාම් දහම අන්තවාදී  ලෙස පිළිපැදීම, මුස්ලිම් වරුන්ට එරහිව කටයුතු කරන පුද්ගලයන්ට ඉමහත් රුකුලක් වන බව නොඅනුමානයි.

 

“ඉස්ලාම් යනු දෙවියන් විසින් පහල කල එකම සත්‍ය  ආගමයි ” යනු සියලු මුස්ලිම් වරුන්ට කුඩා කල්  සිට තමන්ගේ සිත්තුල පෝෂණය කල විශ්වාසයයි. නමුත් මෙසේ උගන්වන කිසිවෙකුට දෙවියන් විසින් කිසදු පණිවිඩයක් ලැබී නොමැත.

 

ආගම් යනු කෝටිගනනින් මුදල්  මත  ක්‍රියාත්මක  වන බදු නොගෙවන කර්මාන්තයකි. මෙයින් ලාභ  ප්‍රයෝජන ලබන  පුද්ගලයන් කිසි දිනක ඔබට ස්වයංව සිතීමට ඉඩ සලසා දැනු නොමැත. ජමීයතුල් උලමා සංවිධානය වැනි ආගමික සංවිධාන වල පැවැත්ම රදා පවතින්නේ මහ ජනයා අන්ධ ආගමික  විශ්වාසය තුල තබාගැනීමෙන් පමණි. ඔවුන්ගේ මෙම ක්‍රියා  පිළිවෙත් තුලින් ඇතිවිය හැකි දරුණු ප්‍රතිවිපාක ගැන ඔබ අවධානයෙන් සිටිය යුතුයි.

 

ඉස්ලාම් දහම තුල දැඩි මතවාදය, දහම රැකගැනීම වෙනුවෙන් යුද්ධය හා ජිවිත පරිත්‍යාගය, ජිහාඩ්, වහල් සේවය, ලිංගික වහලුන් වැනි ඉතාමත් ප්‍රචණ්ඩකාරී හා මානව දයාවෙන් තොර සංකල්ප අඩංගු වන නිසා මුස්ලිම් වරුන් ඉස්ලාම් දහම අන්තවාදී ලෙස පිළිපදින්න උත්සාහ දරන්නේ නම් එය ප්‍රචණ්ඩ  කාරී ක්‍රියාවන්  වෙත තමන් නොදැනීම යොමුවිය හැක. ඉස්ලාම් දහම  තුල එවෙනි ස්වභාවයක් පවතින ඔප්පු කිරීමට මුහම්මද් නබිතුමාගේ මදිනා ජීවන කාලය කදිම නිදසුනකි.

 

 

 

වසර කිහිපයකට කලින් බේරුවල ප්‍රදේශයේ  පල්ලියක් තුල සිදුහු ඝාතන සහ මෑතකදී  කාත්තන්කුඩි යෙදී  ISIS ත්‍රස්ත  සංවිධානයට සහය දක්වන ජමාත් සංවිදානයක් විසින් කරනු ලැබූ ප්‍රචණ්ඩ කාරී ක්‍රියාවන්  සහ පසුගිය රාමසාන් උපවාස සමයේ  ඔට්ටමාවඩි ප්‍රදේශයේ තවත් ඉස්ලාමීය නිඛායකට කල පහරදීම්, අවුරුදු දවසේ එක්තරා මුස්ලිම් සංවිධානයක් යාච්ඤා කරමින් සිටි තවත් සංවිධානකයට කල පහරදීම, ISIS සංවිධානයේ දෙවෙනි ශ්‍රී ලංකික මුස්ලිම් සාමාජිකයා මරමුවට පත්වීම, කොළඹ තුල ISIS සංවිධානය විසින්  සැලසුම් කරන ලද පහරදීම් පිලිබඳ ප්‍රවෘති වැනි දේවල් මෙයට කදිම නිදසුනකි.

ඉස්ලාමය මිත්‍යාවක් ලෙස තේරුම් ගෙන ස්ව බුද්ධියෙන් ජීවත් වන ලෙසත්, එය තුල තිබෙන අන්තවාදී අදහස් වලින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක වලින් හා මුහම්මද් නබිතුමාගේ මදිනා ජීවන රටාව පිළිපැදීම වැළකීමෙන් ජාතියත් රටත් රැකගැනීමට කටයුතු කරන මෙන් එක්තරා කලක්  මුස්ලිම් වරුන්ව සිටියවුන් ලෙස ඉතාමත් බැගෑපත්ව ඉල්ලා සිටුමු.

අපි සියල්ලෝම මනුෂ්යත්වයට මූලික තැන දීම අනිවාර්ය අතර, අපගේ තීක්ෂණ බුද්ධියෙන් සියලු දේ විමසිය යුතුය. කිසිවක් අන්ධ විශ්වාසයෙන් පිළිගත නොයුතු අතර මෙවෙනි දේ සමාජය තුල සිදුවීම වැලක්වීමට වග බල ගත යුතුවේ.

මෙයට,

ශ්‍රී ලාංකික පූර්ව මුස්ලිම් ජාතිකයන්ගේ  සංගමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *